යුරෝපා සංගමයේ නව Digital Markets Act (DMA) පනත උල්ලංඝනය කරමින් සෙවුම් යන්ත්ර (Google Search) සහ Google Play App Store හරහා තරගකාරී පෞද්ගලික ආයතනවලට සහ ඇප් නිෂ්පාදකයන්ට අවාසි සහගත ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් Google සමාගමට යුරෝ මිලියන 890ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක) දැවැන්ත දඩයක් පැනවීමට යුරෝපීය කොමිසම පියවර ගෙන තිබේ.
Google සමාගම සිය සෙවුම් යන්ත්රය තුළ හෝටල්, සාප්පු සවාරි සහ ප්රවාහන සේවා සෙවීමේදී අනෙකුත් තරගකාරී සමාගම්වලට වඩා තම සේවාවන් ඉහළින් සහ ආකර්ෂණීය ලෙස ප්රදර්ශනය කිරීම මෙන්ම Google Play ඇප් ස්ටෝර් එකෙන් පරිබාහිරව අඩු මුදලට පාරිභෝගිකයන්ට සේවා ලබාදීමට ඇප් නිෂ්පාදකයින්ට ඇති ඉඩකඩ අත්හිටුවීම මෙම දඩයට ප්රධාන හේතු වී ඇත. මෙයට පිළිතුරු දෙමින් Google සමාගම පවසන්නේ මෙම තීරණය නිසා පාරිභෝගිකයන්ට ලැබෙන සේවාවේ ගුණාත්මකභාවය පහත වැටෙන බවයි. කෙසේ වෙතත්, අදාළ ගැටලු නිරාකරණය කිරීමට Google සමාගමට දින 60ක කාලයක් හිමිව තිබේ.














