දීර්ඝ කාලයක සිට සාකච්ඡා මට්ටමේ පැවති ඇමෙරිකා-ඉන්දියා ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ඉදිරි මාස තුනත් හතරත් අතර කාලය තුළ අත්සන් කිරීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මැනිලා නුවර පැවැති ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගේ හමුව අතරතුර අදහස් දක්වමින් අදාළ නිලධාරියා පවසා ඇත්තේ ගිවිසුමට අදාළ සියලුම ලේඛන මේ වන විටත් සූදානම්ව පවතින බවයි. දෙරට අතර වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ වෙළඳ බාධක ලිහිල් කිරීම අරමුණු කරගත් මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වී ඇත්තේ ඇමෙරිකාව විසින් ‘301 වගන්තිය’ (Section 301) යටතේ සිදු කරනු ලබන අභ්‍යන්තර වෙළඳ පරීක්ෂණ හේතුවෙන් වන අතර, එම පරීක්ෂණ අවසන් වූ වහාම ගිවිසුමට එළඹීමට නියමිතය.













