2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 79,016ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජුනි සහ ජූලි යන මාසවලදී රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, 29 වැනි සතිය වන විට අධිඅවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශ සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබේ. ගම්පහ, කොළඹ, මාතර, මහනුවර, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
















