බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පිරිමි නිලධාරින්ගෙන් සියයට 77කට සහ කාන්තා නිලධාරිනියන්ගෙන් සියයට 56කට විවිධ ශාරීරික දුබලතා පවතින බව බෝනොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැති වෛද්‍ය සායනයකදී අනාවරණය වී තිබේ. 2025 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාවේ ඇතුළත් විගණන වාර්තාවක මෙම තොරතුරු සඳහන් වන අතර, පිරිමි නිලධාරීන් අතර දුම්පානය, මත්පැන් පානය සහ බුලත්විට භාවිතය ඉහළ මට්ටමක පැවතීම මෙන්ම අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරොල් වැනි බෝනොවන රෝගී තත්ත්වයන්ද බහුලව වාර්තා වී ඇති බව වාර්තා වේ. නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී මෙම විශේෂ වෛද්‍ය සායන පවත්වා තිබුණි.
















