එක්සත් ජනපදය විසින් රටවල් 60ක් සඳහා අලුතින් තීරුබදු පනවනු ලැබ ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන තීරුබද්ද සියයට 10ක් ලෙස නියම කර ඇත. මීට පෙර ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 12.5ක ඉහළ තීරු බද්දක් පනවන බවට අමෙරිකාව ප්‍රකාශ කර තිබුණද, බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හේතුවෙන් මෙම සහනය හිමි වී ඇති බව වාර්තා වේ.
















