නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වැය කර ඉදි කරන ලද දෙමහල් අංග සම්පූර්ණ භාහිර රෝගී අංශය ඉදි කර මාස 6ක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් විවෘත කර නොතිබීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටී. වතු කම්කරුවන් ඇතුළු 33,000ක පමණ ජනගහනයක් ප්‍රතිකාර ලබා ගන්නා මෙම රෝහලේ දැනට පවතින භාහිර රෝගී අංශයේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, එය විවෘත කර ජනතා අයිතියට පත් කර දෙන ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා දැනුවත් කර ඇති බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
















