ඇහැලියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී හමු වූ චීන ජාතිකයාගේ මල සිරුර රැගෙන ආ බවට සැක කෙරෙන සහ චීන ජාතිකයන් තිදෙනකු විසින් අතහැර දමා ගිය බව කියන සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් පාදුක්ක පහල බෝපේ මංසන්ධියෙන් සොයාගෙන ඇත. එම රථය එහි නවත්වා වෙනත් ත්‍රී රෝද රථයකින් කොල්ලුපිටිය දෙසට ගිය චීන ජාතිකයන් ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියදුරු කොල්ලුපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් ඇඟිලි සටහන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණවලදී අදාළ රථය තුළ විශාල වශයෙන් ලේ පැල්ලම් තිබී හමුවී තිබේ.














