2015 සිට 2025 දක්වා ගත වූ දශකයක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි. මේ වසරේ අප්‍රේල් මස 30 වන විට මහාධිකරණවල ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4,421ක් විභාග වෙමින් පවතින බවත්, එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා කොට්ඨාස කාර්යාංශ 47ක් සම්බන්ධීකරණය කරමින් නඩු නියාමන කටයුතු සිදු කරනු ලබන බවද ඇය ප්‍රකාශ කර ඇත.














