හැටන්, ෂැනන් ප්රදේශයේ කිසිදු බලපත්රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිස් ස්ථානයට ලද රහසිගත තොරතුරක් මත ක්රියාත්මක වූ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් හැටන් ප්රදේශයේම පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.














