ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණු පත්ල පහත් බස් රථ 7ක් දිවයිනට රැගෙනවිත් තිබේ.
මීට අමතරව, මෙට්‍රෝ සේවාව වෙනුවෙන් චීනයෙන් මිලදී ගත් තවත් බස් රථ 104ක් නුදුරේදීම දිවයිනට ළඟා වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමටද අමාත්‍ය මණ්ඩලය මෑතකදී අවසර ලබා දී ඇත.














