ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී වයස අවුරුදු 60ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම සිරුර හමුවී ඇති අතර, මෘත ශරීරය අසල රුධිර පැල්ලම් නිරීක්ෂණය වී ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














