2026 ජූලි 23 දින රාත්රී වැලිපැන්න පොලිස් වසමේ ඉඳිගහමුල මාර්ගයේ වැැබඩ පුළුන්ගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා අවුරුදු 29ක් වූ නාඋල ප්රදේශයේ පදිංචිකරුවෙකි. වැලිපැන්න පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














