මේ වසරේ (2026) පළමු කාර්තුව තුළ ශ්රී ලංකාවේ විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 34,878 කින් කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි. 2025 වසරේ පළමු කාර්තුවේදී ගුවන් ගමන් බලපත්ර 204,746 ක් නිකුත් කර ඇති නමුත්, මෙම වසරේ මුල් මාස තුන තුළ නිකුත් කර ඇත්තේ බලපත්ර 169,868 ක් පමණි.
පෙබරවාරි මාසය අගදී හටගත් මැදපෙරදිග ගැටුම් සහ ඒ ආශ්රිත අස්ථාවරත්වය හේතුවෙන් විදේශගතවීම් මන්දෝත්සාහී වීම මෙන්ම, 2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසු ක්රමයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ද මෙලෙස රටින් පිටවීම් අඩුවීමට ප්රධාන හේතු වී ඇති බවට අදහස් පළ වේ. 2022 සහ 2023 වසරවලදී බලපත්ර ලක්ෂ 9 ඉක්මවා නිකුත් කරමින් ඉහළම විදෙස්ගත වීමේ ප්රවණතාවක් වාර්තා වුවද, මේ වන විට එය ක්රමයෙන් පහළ යමින් පවතින බව මෙම දත්ත තවදුරටත් තහවුරු කරයි.














