කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකාංගණය වසර 25කට පසුව ප්‍රථම වතාවට නවීන විද්‍යුත් කාලගණන පද්ධතියකින් (Electronic Timing System) සහ ජාත්‍යන්තර මට්ටමේ නවීන තරග උපකරණවලින් සමන්විත කර තිබේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය සුගත තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (24) මෙම නවීකරණය කරන ලද පහසුකම් නිල වශයෙන් ක්‍රීඩකයින් වෙත පවරා දෙන ලදී. දශක දෙකකට වැඩි කාලයක් භාවිත කළ පැරණි පද්ධති වෙනුවට ස්ථාපනය කළ මෙම නව විද්‍යුත් කාලගණන ඔරලෝසු, ටච් පෑඩ් පද්ධතිය (Touch pad system), ඩිජිටල් ප්‍රදර්ශන පුවරුව සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආරම්භක පුවරු (Starting blocks) මගින් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණු සහ තරග අත්දැකීමක් හිමිවනු ඇත.














