ඉන්දියාවේ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවට එරෙහිව දැවැන්ත විරෝධතාවල නිරත වන තරුණ විරෝධතාකරුවන් (‘කැරපොතු ජනතා පක්ෂය’ / CJP) සහ රජය අතර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
සාකච්ඡාවලට එක්වූ එම පක්ෂයේ ප්‍රකාශක සෞරව් දාස් සඳහන් කළේ, අදාළ වංචාවේ වගකීම භාරගෙන ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා ඉල්ලා අස්විය යුතු බවට කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට රජය හෙට (25) දක්වා කාලය ඉල්ලා සිටි බවයි. මේ අතර, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී තවදුරටත් දැඩි නීතිමය පියවර ගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.














