ඇමෙරිකාව සහ ඉරානය අතර දැනට පවතින හමුදාමය ගැටුම අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානය මෙතෙක් පැවති තත්ත්වයන්ට වඩා ඉතා බරපතල ලෙස මෙම සාකච්ඡා දෙස බලන බව තමා විශ්වාස කරන නමුත්, ඔවුන් තවමත් අවසන් ගිවිසුමකට පැමිණීමට සූදානම් නැති බවයි. “අපි ඔවුන් සමඟ කතාබහ කරමින් ඉන්නවා… නමුත් ඒ කියන්නේ අපි අවසන් එකඟතාවයකට ආවා කියන එක නෙවෙයි. ඉදිරියට මොකද වෙන්නේ කියලා අපි බලමු,” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














