ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි මහතාට වඩා, ඔහුගේ පුත් එනම් වත්මන් උත්තරීතර නායක මොජ්තබා කමේනි (Mojtaba Khamenei) න්‍යෂ්ටික අස්ත්‍රයක් (nuclear weapon) නිෂ්පාදනය කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවට ඇමෙරිකානු බුද්ධි අංශ අලුතින් තක්සේරු කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වනදා එල්ල වූ ප්‍රහාරවලින් අලි කමේනි මහතා මියයාමෙන් පසු මාර්තු මාසයේදී බලයට පත් 56 හැවිරිදි මොජ්තබා කමේනි, ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් පලිගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇත. පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉරානයට එරෙහි හමුදා ප්‍රහාර තවදුරටත් දැඩි කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය කැබිනට් මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














