ඉරාන මුහුදු සීමාව හරහා පර්සියානු ගල්ෆ් කලාපය දෙසට යාත්‍රා කරමින් තිබූ මොසැම්බික් කොඩිය යටතේ ගමන් කළ ‘Disha’ නමැති ද්‍රවීකරණය කළ පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රවාහන නෞකාවට හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.
තෙහෙරානයේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය තහවුරු කරන්නේ මෙම නෞකාවේ සිටි ඉන්දියානු ජාතික කාර්ය මණ්ඩලයේ 28 දෙනාම ආරක්ෂිතව පසුවන බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැවතත් යුදමය උණුසුම වැඩිවීමත් සමඟ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන්දියානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී කටයුතු කරමින් සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














