සවුදි අරාබිය ‘අබ්‍රහම් ගිවිසුම්’ (Abraham Accords) මගින් ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කර ගැනීමට එකඟ වන තෙක්, එම රට සමඟ ඇති කර ගැනීමට නියමිත සිවිල් න්‍යෂ්ටික ගිවිසුම (civil nuclear deal) ඉදිරියට ගෙන නොයන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය උදෙසා සවුදි – ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීම මෙම න්‍යෂ්ටික එකඟතාව සඳහා වන ප්‍රධාන පූර්ව කොන්දේසියක් බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














