වසර හයක සේවා කාලයක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපති ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ඔහුගේ බිරිඳ මෙරටින් නික්ම යාමට සූදානම් වේ.
සිය ධුර කාලය අවසන් කරමින් විශේෂ සමුගැනීමේ ප්‍රකාශයක් නිකුත් කර ඇති තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පැවති දැඩි මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් මෙරටට සිය හෘදයාංගම කෘතඥතාව පළ කර තිබේ.
















