පුදබිමකදී රුපියල් 15,000 ක මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ අවුලේගම ධම්මානන්ද නැමැති චීවරධාරියාට කුරුණෑගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, 2015 දෙසැම්බර් මස 19 වන දින හෝ ආසන්න දිනයකදී මෙම අපරාධය සිදුව ඇත. මෙහිදී බමන මතින් සිටි චීවරධාරියා විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කුරුණෑගල අවුලේගම පදිංචි දෙදරු පියෙකු වන කේ.කේ. කන්නංගර නැමැත්තා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2016 මාර්තු 17 වන දින ජීවිතක්ෂයට පත්ව තිබිණි. වසර 10 ක නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.
















