නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පලා ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල ප්‍රදේශයේ පදිංචි 30 සහ 31 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් පසුගිය 23 වන දින පේසාලේ සිට මුහුදු මාර්ගයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවා ඉන්දියාවට ළඟා වී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධ බවට මෙරට බලධාරීන් සැක පළ කරන අතර, ඔවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද පවතී. මේ වන විට තිරුචි මධ්‍යම බන්ධනාගාර විශේෂ කඳවුරේ රඳවා සිටින මෙම සැකකරුවන් සතියක් ඇතුළත යළි ශ්‍රී ලංකාවට එවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
















