අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2025 වසරේ විදෙස් ණය ගෙවීම සඳහා අමතර රුපියල් බිලියන 48ක් වැය වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අනාවරණ වී තිබේ.
කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් කළ විමසුමකදී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඩොලර්වලින් ණය ගෙවීමේදී විනිමය අනුපාතිකයේ වෙනස රුපියල් 20ක් වූ බවත්, ඒ අනුව මෙලෙස විශාල අමතර මුදලක් වැය කිරීමට සිදුවූ බවත්ය.
















