සංවිධානාත්මක අයුරින් යතුරුපැදි සොරකම් කරන ලද කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු, ඔවුන් සොරකම් කළ යතුරුපැදි තුනක් සහ හෙරොයින් ග්‍රෑම් 14 ක් සමඟ කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත ඇල්දෙනියේ පිහිටි ඔවුන්ගේ නිවාසවල සඟවා තිබී මෙම යතුරුපැදි සොයාගෙන ඇති අතර, කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇත්දැයි සහ තවත් යතුරුපැදි සොරකම් කර ඇත්දැයි යන්න පිළිබඳව කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















