ඉන්දියාවේ දිල්ලි නගරයේ ජන්තර් මන්තර් හි පැවති විරෝධතාවයකදී තුවාල ලැබූ පුද්ගලයෙකුගේ රෝහල් වාර්තාවක “පෙලට් තුවාල” සහ තුවාල ස්ථානවල පෙලට් කැබලි සිරවී තිබූ බව සඳහන් වීමත් සමඟ, විරෝධතාවලදී පෙලට් තුවක්කු භාවිත කළාද යන්න පිළිබඳව මතභේදයක් මතුව තිබේ.
එහිදී 28 හැවිරිදි පුද්ගලයෙකුගේ දකුණු වැලමිට සහ පිට ප්රදේශයේ මෙම තුවාල නිරීක්ෂණය කර ඇති අතර, තරුණයින්ගේ ශරීරවල මෙලෙස පෙලට් කැබලි සිරවී තිබූ බව අදාළ රෝහල් වාර්තාව මගින් තවදුරටත් අනාවරණය කර ඇත.
















