බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී සොයාගෙන තිබේ.
සිය දියණිය අතුරුදහන් වී ඇති බවට පියා විසින් පොලිසියට පැමිණිලි කර තිබියදී, ඊයේ (24) දින බලංගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














