ශ්‍රී ලංකා – ඉන්දියා 19න් පහළ සිව්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් සහ තරගාවලි ජයක් හිමිකර ගැනීමට ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමත්විය. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී කුෂාගර් ඕජා (ලකුණු 111) සහ මනල් චෞහාන් (ලකුණු 150) ලබාගත් විශිෂ්ට ඉනිම් හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 411ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 148කට සීමා විය. අනතුරුව ඉන්දියාව තම දෙවැනි ඉනිම ලකුණු 208කට අත්හිටුවමින් ශ්‍රී ලංකාවට ලකුණු 472ක දැවැන්ත ජයග්‍රහණ ඉලක්කයක් ලබා දුන් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම තුළ ලබාගත හැකි වූයේ ලකුණු 260ක් පමණි. ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 0-1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේය.














