යුද සමයේදී සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව, පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය රුපියල් මිලියන 29.5ක ව්‍යාපෘතියක් ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර තිබේ.
යුද්ධයෙන් පසු දිර්ඝ කාලයක් යුද හමුදා පාලනය යටතේ පැවති මෙම භූමියේ නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා වන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී ඇත.














