2025 වර්ෂය තුළ දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර නඩත්තු කිරීම සහ ඒ ආශ්රිත අනෙකුත් වියදම් සඳහා රුපියල් 35,430,429 ක (රුපියල් කෝටි 3.5කට ආසන්න) මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම වර්ෂය තුළ දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර 7ක පවත්වා ඇත්තේ රැස්වීම් 3ක් පමණක් වන අතර, එම මන්දිරවල නවාතැන් ගෙන ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 3,089ක් බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














