අද (25) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.9 ක් ලෙස ත්‍රිකුණාමලය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙවැනියට වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.6ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, සෙල්සියස් අංශක 37ට වැඩි උෂ්ණත්වයන් වාර්තා වූ අනෙකුත් ප්‍රදේශ ලෙස මුලතිව් (අංශක 37.5), මොනරාගල (අංශක 37.3) සහ වවුනියාව (අංශක 37.1) දැක්විය හැකිය.













