ඉරානයේ සිට රුසියාව වෙත හමුදා උපකරණ සහ ප්‍රවාහන ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ නෞකා සහ යුද නෞකාවක් ඉලක්ක කර ගනිමින් කැස්පියන් මුහුදේදී ප්‍රහාරයක් එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.
රුසියානු ආක්රමණවලට ප්‍රතිචාර වශයෙන් යුක්රේනය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිර්ඝ පරාසයක ප්‍රහාර මාලාවේ (long-range strikes) තවත් වැදගත් පියවරක් ලෙස මෙම මෙහෙයුම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















