දිවයින පුරා දියේගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කරමින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය 24වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇත.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, අන්තර් – ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම, පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීම සහ තරුණ ප්‍රජාව දායක කරගනිමින් පුහුණු ස්වේච්ඡා බලකායක් ගොඩනැගීම යනාදී කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.














