ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) සමාගම විසින් පාරිභෝගිකයින් වෙත මෝටර් රථ රක්ෂණ සේවා වඩාත් පහසුවෙන් ලබා දීම සඳහා ‘SLICGL Digital’ ස්මාර්‌ට් ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින්ට සිය රක්ෂණ ඔප්පු වෙත ප්‍රවේශ වීම, රක්ෂණ හිමිකම් තත්ත්වයන් පරීක්ෂා කිරීම, ඔප්පු අලුත් කිරීම සහ මෝටර් රථ රක්ෂණ කාඩ්පත පරීක්ෂා කිරීම ඇතුළු සේවාවන් රාශියක් මෙම යෙදුම ඔස්සේ එකම ස්ථානයකින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශයන්ට අනුකූලව ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඩවුන්ලෝඩ් කර ගැනීමේ පහසුකමද මීට ඇතුළත් වේ.
මෙම නව හඳුන්වාදීම SLIC General හි සමස්ත ඩිජිටල් පරිවර්‌තන වැඩපිළිවෙළෙහි වැදගත් පියවරක් වන අතර, පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව මඟහරවමින් ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට රක්ෂණ සේවා ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම වාහන හිමිකරුවන්, තරුණ වෘත්තිකයින් සහ නවීන තාක්ෂණය භාවිත කරන පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් මෙම වේගවත් හා බුද්ධිමත් රක්ෂණ විසඳුම ඉදිරිපත් කර ඇත. SLICGL Digital යෙදුම මේ වන විට App Store සහ Google Play Store ඔස්සේ පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
වසර 60කට අධික විශ්වසනීය රාජ්‍ය අනුග්‍රහය ලත් සේවා ඉතිහාසයක් හිමි SLIC General සමාගම, 2025 වසරේදී මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ලබාගත් ශක්තිමත් කාර්‌ය සාධනය පදනම් කරගනිමින් සිය ක්ෂේත්‍ර නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට මෙමගින් අපේක්ෂා කරයි. පිළිගත් ආයතනික විශ්වසනීයත්වය නවීන ඩිජිටල් තාක්ෂණය සමඟ මුසු කරමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණකරු ලෙස සියලු අංශයන්හි ප්‍රමුඛතාව රැක ගැනීමට සමාගම පියවර ගනිමින් සිටී.














