ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය කෘතිම බුද්ධි (AI) තාක්ෂණ සමාගමක් වන Happy Chimps, ගෝලීය NVIDIA Inception වැඩසටහන සඳහා ඇතුළත් කරගෙන තිබේ. AI සහ උසස් කාර්‌ය පරිගණකකරණය (HPC) සම්බන්ධ නවක ව්‍යාපාර සබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මෙම වර්‌චුවල් පුහුණු වැඩසටහනට තේරී පත්වීමත් සමඟ, රුපියල් බිලියන 2.5ක් (පවුම් මිලියන 5) වටිනා Happy Chimps සමාගමට ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් 100,000ක වටිනාකමකින් යුතු ක්ලවුඩ් සහයෝගිතා පහසුකම් හිමිවනු ඇත.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා AI තාක්ෂණයෙන් බලගැන්වුණු මෙහෙයුම් පද්ධති පිරිනමන මෙම සමාගම, සම්ප්‍රදායික POS පද්ධතිවලින් ඔබ්බට යමින් ගෙවීම්, වෙන්කිරීම්, අන්තර්‌ජාල ඇණවුම්, ඩිජිටල් අලෙවිකරණය සහ බුද්ධිමය ව්‍යාපාරික විශ්ලේෂණ එකිනෙක සම්බන්ධ කළ පරිපූර්‌ණ මෙහෙයුම් පද්ධතියක් ගොඩනගයි. NVIDIA පහසුකම් මඟින් AWS යටිතල පහසුකම් පිරිවැය කැපීපෙනෙන ලෙස අවම කරගනිමින් තාක්ෂණික වර්ධනය වේගවත් කිරීමට තමන්ට හැකියාව ලැබෙන බව සමාගමේ නිර්‌මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේය.
දැනට එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව යන රටවල සත්කාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සේවා සපයන Happy Chimps සමාගම, NVIDIA සමඟ ඇතිකරගත් මෙම නව හවුල්කාරිත්වය හරහා ගෝලීය ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛතාව තහවුරු කරගැනීමට බලාපොරොත්තු වේ. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් වෙතද සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම ජාත්‍යන්තර ඇගයීම දේශීය AI තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරි ගමනටද සුවිශේෂී පිටිවහලක් වනු ඇත.














