ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව දින 13ක් පුරා ක්‍රියාත්මක කළ දැඩි ගුවන් ප්‍රහාර මාලාව හදිසියේම අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, ඇමෙරිකාවේ මෙම තීරණයෙන් පසු ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් සවුදි අරාබිය, ජෝර්දානය සහ උතුරු ඉරාකය යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නැවතත් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. සවුදි අරාබියේ රියාද් අගනුවර තෙල් පිරිපහදු ඉලක්ක කර පැමිණි ඩ්‍රෝන යානා කිහිපයක් විනාශ කළ බව සවුදි බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු හමුදා ප්‍රධානීන්ට අනුව, ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීමට ඇති ඉලක්ක අවසන් වීම සහ ගුවන් ආරක්ෂක පද්ධති සඳහා අවශ්‍ය මිසයිල ප්‍රමාණය සීමා වීම හේතුවෙන් මෙම ප්‍රහාර අත්හිටුවීමට උපදෙස් දී තිබේ.
මේ අතර, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට එරෙහිව නැවතත් “දරුණු හමුදා ක්‍රියාමාර්ග” ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර ඇත. නමුත්, ඇමෙරිකාව සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීමට තමන් ඉල්ලීම් නොකළ බව ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඇමෙරිකානු ප්‍රහාර අත්හිටුවීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල 6.5%කින් පමණ පහත වැටී ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය තවදුරටත් තමන් සතුව පවතින බව ඉරානය පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














