සවුදි අරාබියේ නැගෙනහිර කලාපයේ සිට රතු මුහුදේ යැන්බු (Yanbu) තෙල් අපනයන මධ්‍යස්ථානය වෙත බොරතෙල් ප්‍රවාහනය කරන සංවේදී යටිතල පහසුකම් කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවෝ ප්‍රකාශ කරති.
සවුදි අරාබිය විසින් යේමන ගුවන් සීමාවට ඩ්‍රෝන යානා යොමු කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක යහියා සාරි (Yahya Saree) සඳහන් කර සිටී.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී එල්ල වන ප්‍රහාර මගහැරීම සඳහා සවුදි අරාබිය විසින් සිය තෙල් ප්‍රවාහනය මෙම නැගෙනහිර-බටහිර නල මාර්ගය හරහා යැන්බු වරාය වෙත යොමුකර තිබුණි. මෙම ප්‍රහාරයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.
සවුදි අරාබිය විසින් ඊට ප්‍රතිචාර වශයෙන් යේමනයේ හොඩෙයිඩා (Hodeidah) වරාය ආශ්‍රිත හූති හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, සමුද්‍රීය නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කරන බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සවුදි ඇරම්කෝ (Saudi Aramco) සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














