එක්සත් ජනපදය සහ ඉරානය අතර මේ වන විට “හොඳ මට්ටමේ සාකච්ඡා” පැවැත්වෙමින් තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
මිචිගන් (Michigan) බලා පියාසර කරමින් තිබූ ‘Air Force One’ ජනාධිපති ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉරාන අර්බුදය විසඳා ගැනීමට තමන්ට “ඕනෑ තරම් කාලය” ඇති බවයි.
දෙරට අතර එකඟතාවයකට පැමිණීමට හොඳ ඉඩකඩක් පවතින බවත්, ඉරානයට චන්ද්‍රිකා ඡායාරූප (satellite imagery) ලබාදීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් විමසීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














