2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එල්ල වූ විවේචන හමුවේ ෆීෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා විවේචකයන්ට තදින්ම පහර දී තිබේ.
විවේචකයින් විසින් අසත්‍ය තොරතුරු සහ වෛරය පතුරුවමින් සිටින බවට චෝදනා කරන සභාපතිවරයා, මෙවර ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ ලෝක කුසලාන තරගාවලිය කිසිදු හිංසනයකින් තොරව ඉතා සාර්ථකව සහ ආරක්ෂිතව පැවැත්වූ බව අවධාරණය කරයි. ඇමෙරිකානු වීසා සීමාවන්, කණ්ඩායම් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයන් සහ දේශපාලනික මතභේද හේතුවෙන් තරගාවලිය පුරාම ෆීෆා සංවිධානයට දැඩි විවේචන එල්ල විය.
විශේෂයෙන්ම ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති යුධමය උණුසුම මධ්‍යයේ වුවද ඉරාන කණ්ඩායමට තරගාවලියට එක්වීමට ඉඩ සැලසීම තුළින් පාපන්දුවට ලෝකය එක්සත් කළ හැකි බව පෙනී ගිය බවත්, දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා ක්‍රීඩාවට ගෞරව කරන ලෙසත් ඉන්ෆැන්ටිනෝ වැඩිදුරටත් ඉල්ලා සිටියි.
තොරතුරු උපුටා ගැනීම: AL Jazeera ඇසුරින්














