වසර 2000 මාර්තු මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ පාකිස්තානයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 72,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු ආසියානු ත්‍රස්තවාදී දත්ත ආයතනය (SATP) අනාවරණය කරයි.
එම දත්තවලට අනුව මියගිය පිරිස අතර සිවිල් වැසියන් 23,000ක්, ත්‍රස්තවාදීන් හෝ කැරලිකරුවන් 38,000ක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 11,000කට වැඩි පිරිසක් සිටිති. පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ඇතැම් ත්‍රස්තවාදී කණ්ඩායම් සිය උපායමාර්ගික සහ භූ-දේශපාලනික අරමුණු වෙනුවෙන් පෝෂණය කිරීමත්, තවත් කොටසක් මර්දනය කිරීමට කටයුතු කිරීමත් යන ද්විත්ව ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම අනපේක්ෂිත දරුණු ජීවිත හානිය සිදුව ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














