ස්වීඩනය විසින් එරට පිහිටි තීරණාත්මක ලෝහ වර්ග සහ දුර්ලභ ඛනිජ සම්පත් (Rare earth minerals) කැණීම් කිරීමේ කටයුතු ජාතික ආරක්ෂක අවශ්‍යතාවක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
පිරිසිදු බලශක්ති නිෂ්පාදනය, දුර්ලභ ඛනිජ කැණීම සහ පිරිපහදු කිරීමේ ක්ෂේත්‍රයේ චීනය සතුව පවතින ගෝලීය ආධිපත්‍යයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ස්වීඩන රජය මෙම උපායමාර්ගික තීරණය ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. යුරෝපීය කර්මාන්ත ක්ෂේත්‍රය චීන සමාගම් මත යැපීම අවම කිරීමත්, විදේශීය ආයෝජන වඩාත් ආරක්ෂිතව ආකර්ෂණය කරගැනීමත් මෙහි ප්‍රධාන අරමුණයි. මීට අමතරව පෞද්ගලික අංශයේ ආධිපත්‍යය පාලනය කිරීම සඳහා රාජ්‍ය හිමිකාරීත්වය සහිත විශේෂ ආයෝජන සමාගමක් පිහිටුවීමටද රජයේ අවධානය යොමුව ඇති බව ස්වීඩනයේ නියෝජ්‍ය අගමැතිනි එබා බුෂ් (Ebba Busch) ප්‍රකාශ කර තිබේ.














