පිලිපීනයේ මැනිලා නුවර පැවති 2026 ආසියාන් කලාපීය සංසදයේ (ARF) ආන්තික සාකච්ඡාවලදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, ආසියාන් මහලේකම් ආචාර්ය කාවෝ කිම් හෝර්න් (Dr. Kao Kim Hourn) මහතා හමු වී ශ්‍රී ලංකාව සහ ආසියාන් සංවිධානය අතර අන්තර්ක්‍රියා සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ආසියාන් මහලේකම්වරයා අතර පැවති මෙම සාකච්ඡාව ඉතා ඵලදායී වූ අතර, එහිදී ආසියාන් කලාපීය සංසදය මඟින් මෙහෙයවනු ලබන මුලපිරීම් සහ ශ්‍රී ලංකාව හා ආසියාන් සාමාජික රටවල් අතර සමීප සබඳතාවක ඇති වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.
දෙපාර්ශ්වය අතර වෙළඳ සබඳතා පුළුල් කිරීම මෙන්ම ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතා (people-to-people connectivity) ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
මීට අමතරව, ගිනුම්දිග ආසියාන්හි මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ (TAC) 50 වන සංවත්සරය සැමරීම සඳහා මැනිලා නුවර පැවති අදාළ උස් පෙළ සමුළුවටද අමාත්‍යවරයා සහභාගී වී තිබේ.














