ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ කෙටිකාලීනව අවහිර කරනු ලැබීම සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැද තිබේ.තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම වීඩියෝව වැරදීමකින් ඉවත් කර තිබූ බවත්, දැන් එය යථා තත්ත්වයට පත් කර ඇති බවත් මෙටා ප්‍රකාශකයෙකු සඳහන් කර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙටා සහ ඉන්ස්ටග්‍රෑම් හි ගෝලීය ප්‍රධානීන් කැඳවා තිබුණි. පසුගිය ජූලි 23 වැනි දින උඩුගත කරන ලද මෙම වීඩියෝවෙන්, ප්‍රශ්න පත්‍ර පිටවීම මැඩපැවැත්වීම සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට අගමැති මෝදි තරුණ ප්‍රජාවට සහතික වී තිබුණි.














