මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ අද (30) හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා තරග බිමට පිවිසීමට නියමිතව ඇත.
මේ අතර, මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත්ව තිබේ. ඒ පැරා කව පෙත්ත විසි කිරීමේ පිරිමි ඉසව්වට (මීටර 46යි සෙන්ටිමීටර් 84ක දක්ෂතාවක් දක්වමින්) සහභාගි වෙමින් රිදී පදක්කම දිනා ගනිමිනි. තරගයේ රන් පදක්කම මීටර් 48යි සෙන්ටිමීටර් 38ක දක්ෂතාවක් දැක්වූ වේල්සයේ ඇලඩ් ඩේවිස් විසින් දිනා ගන්නා ලදී.














