අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි 35 හැවිරිදි තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් දිවි තොර කර ගැනීමට තැත් කිරීම නිසා බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අධිකරණ නියෝගයක් අනුව මීට මාස දෙකකට පමණ පෙර මොහු බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 28 වනදා බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී රෙදි කැබලිවලින් සකස් කරගත් ලණුවක් ආධාරයෙන් ගෙල වැලලා ගැනීමට උත්සාහ කර ඇති අතර, සෙසු රැඳවියන් ඒ බව දැනුවත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මුදාගෙන රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සහ බන්ධනාගාර බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














