කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (31) පෙ.ව. 09.00 වන තෙක් වලංගු වන පරිදි නාවික සහ ධීවර ප්‍රජාවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන ආකාරයට, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.













