වැසි නොලැබුණද ජලාශවල පවතින ජල ධාරිතාව අනුව ඉදිරි මාස 3 සඳහා රටට අඛණ්ඩව ජලය සැපයීමට හැකියාව පවතින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනස්වන කාලගුණ තත්ත්වයන් සමඟ ඉදිරියේදී යම් යම් වෙනස්කම් සිදුවිය හැකි වුවද, ඔක්තෝබර් මාසය වන තෙක් රටේ ප්‍රධාන ජලාශ මගින් පානීය ජලය සැපයීම අඛණ්ඩව සිදු කළ හැකි බවයි.













