ලංකාවේ සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් බැගින් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රට පුරා සිටින තරුණ තරුණියන් පුහුණු කර මෙම සේවාව ක්‍රියාත්මක කෙරෙන අතර, අනතුරකට ලක්වන පුද්ගලයකු රෝහල්ගත කරන තෙක් ඔහුට අවශ්‍ය නිසි ප්‍රථමාධාර ලබා දීම සහ තවදුරටත් හානි සිදු නොවී සුරක්ෂිතව රෝහල්ගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.














