ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක අජින්ක්‍යා රහනේ සිය සමාජ මාධ්‍ය ජාලවල පළ කළ සංවේදී වීඩියෝවක් හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
2013 වසරේදී ආරම්භ වූ ඔහුගේ සාර්ථක වෘත්තීය ක්‍රිකට් දිවිය තුළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 85ක්, එක්දින තරග 90ක් සහ විස්සයි20 තරග 20ක් නියෝජනය කර ඇති 38 හැවිරිදි වියේ පසුවන රහනේගේ මෙම හදිසි සමුගැනීමේ වීඩියෝව හමුවේ ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීහු දැඩි සංවේගයට පත්ව සිටිති.














