ටාටා (Tata) වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් **DIMO Mega Fiesta Kurunegala 2026** වැඩසටහන කුරුණෑගල DIMO ශාඛා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන හරහා ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල නියැලී සිටින පාරිභෝගිකයින්ට තම වාහනවල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට අවස්ථාව සැලසිණි.
ටාටා මෝටර්ස් හි පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ නොමිලේ සම්පූර්ණ වාහන පරීක්ෂාවන් සිදු කර විස්තරාත්මක තාක්ෂණික වාර්තා ලබාදීම, එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල් සහ කූලන්ට් නොමිලේ පිරවීම මෙන්ම ටාටා ජෙනුයින් අමතර කොටස් සඳහා 50%ක දක්වා වට්ටම් ලබා දීම මෙහිදී සිදු විය. අලෙවියෙන් පසු සේවාවන්ට අමතරව, DIMO Retail සහ ටාටා වාහන ප්‍රදර්ශන, මූල්‍ය උපදේශන සේවාවන් මෙන්ම පුද්ගලයින් 235 දෙනෙකු සඳහා නොමිලේ අක්ෂි පරීක්ෂාවන් සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි.














