පාකිස්තානයේ වයඹ දිග ඛයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) පළාතේ හන්ගු (Hangu) දිස්ත්‍රික්කයේ පොලිස් මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම පොලිස් මුරපොළට ප්‍රහාරකයින් විසින් පුපුණ ද්‍රව්‍ය පටවන ලද Quadcopters යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පැය ගණනාවක් පුරා පැවති දරුණු වෙඩි ලමකින් පසු ආරක්ෂක අංශ විසින් ප්‍රහාරකයින් 15 දෙනෙකු ද මරා දමා ඇත. නියෝජ්‍ය පොලිස් අධිකාරී ඩියාර් ඛාන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් නිලධාරීන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.














